පුවත්

ජනපති ධූර අපේක්ෂකයකු පපුවේ අමාරුවකින් මියයයි

Published

on

මෙවර (2024) ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින අයි.එම්.ඉල්ලියාස් මහතා ඊයේ (22) රාත්‍රීයේ හෘදයාබාධයක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලේදී මිය ගොස් ඇත.

මිය යන විට 79 වන වියේ පසු වූ ඒ මහතා වෘත්තයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි.

යාපනය දිස්ත්‍රික්කය සදහා පුත්තලමේ සිට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නට ඉල්ලියාස් මහතා සමත් විය.

පසුව පාර්ලිමේන්තු මැතිවරණ කීපයකටම ඒ මහතා ඉදිරිපත් වුවත් හෙතෙම පරාජයට පත් විය.

අනතුරුව ඔහු පැවති ජනාධිපතිවරණ කීපයකටම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.

මිය ගොස් ඇති ඉල්ලියාස් මහතා පුත්තලම මස්ජීද් පටුමගේ පදිංචිව සිටි අයෙකි.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු 23 වැනිදා පුත්තලමේදී සිදු කිරීමට නියමිතව ඇත.

Trending

Exit mobile version