Connect with us

පුවත්

ජනපති – පොහ‍ොට්ටුවට තනි සාකච්ඡාවක් නොදීමේ ගැටුම පුපුරයි!

Published

on

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇතිකර නොගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂය සමග වෙනම සාකච්ඡා කරන්නැයි ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා මෙතෙක් ඒ සඳහා දිනයක් ලබා දී නොමැති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටී.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා දෙන්නේ කා හටද යන්න සම්බන්ධයෙන් එම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කරයි.

සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, තම කොන්දේසිවලට එකඟ වන තැනැත්තෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවයි.

මේ අතර, දින කිහිපයකට පෙර ජනතිවරයා සමග තනිව සාකච්ඡාවක් පැවැත්වීමට යැයි කියමින් එම පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සියලු පක්ෂ සාමාජිකයන් සහභාගිවන රැස්වීමකට සහභාගි කිරීම සම්බන්ධයෙන්ද මේවන විට පොහොට්ටු පක්ෂය අභ්‍යන්තරයේ ගැටුමක් මතුව ඇතැයි වාර්තා වේ.

එම රැස්වීමට ප්‍රසන්න පිරිස අරගෙන ගොස් ඇත්තේ පොහොට්ටු පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් කතාකර සෘජු අවසරයක් ලබාගෙන බවද පැවසේ.

මේ රැස්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් රැගෙන යන ලෙස බැසිල් මහතා පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලබාදුන් උපදෙස් අනුව පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සමඟ කාරියවසම් මහතා මේ රැස්වීමට සහභාගිවී ඇත.

කෙසේවුවද, ප්‍රසන්න මෙය ජනපති හා පොහොට්ටු පක්ෂය අතර සාකච්ඡාවක් බව පැවසුවද පැජන්ට් පාරේ ජනපතිවරයාගේ පෞද්ගලික නිවසේ පැවැති මේ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස මෙහි පැමිණ සිට ඇති අතර, නව සන්ධානය වෙනුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු යන අයට ද ආණ්ඩුවේ හවුල්කාරයන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක යන පිරිස මෙන්ම ටිරාන් අලස් මහතා ද එහි දිටි බව පැවසේ.

එසේම ජනපති උපදේශක සාගල රත්නායක මෙහි වූ බව වාර්තා වේ.

පුවත්

ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබේ.

මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත. 

පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවට එම විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

කෙසේ වුවද මෙම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම රෝහලේ සේවය කරනු ලැබු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දහඅට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය. 

එම විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය ආයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා රැසකටය.

සබැඳි පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Continue Reading

පුවත්

කොස්ගමදී කොටහැර පොඩ්ඩාගේ පවුලටම වෙඩි තියලා 

Published

on

By

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු  තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

Continue Reading

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved