පුවත්

ජනපති සටන අතහැරියේ කවුද ?

Published

on

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ නැත.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (14)  ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා මෙලෙස නාමයෝජනා භාරදීම මග හැර ඇති බවය.

සරත් කුමාර ගුණරත්න මහතා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරු අයෙකු ද වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාර දුන්හ.

Trending

Exit mobile version