එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහි ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුව දෙසැම්බර් 01 සහ 02 දිනවල පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුවට ආසන්න වශයෙන් සාමාජිකයින් 80 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහභාගිවීමට නියමිත බවද මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, මේ ධූත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකු ඇතුළත් බව පැවසේ.
මේ පිරිස හැරුණු විට තරුණ නායකයින් යැයි පැවසෙන පිරිසක් ද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.