උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
අද (21) පස්වරු 03.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා මාධ්‍යට පවසා ඇත්තේ අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරයාත් සමඟ සාකච්ඡා පැවැත්වුව ද දෙමළ ජනතාවගේ ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.