Connect with us

පුවත්

ජනවාරියේ සිට උතුරු දුම්රිය මාර්ගය සය මසකට වැහෙයි?

Published

on

ලබන ජනවාරියේ සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“ජනවාරි සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කරනවා,” යැයි ඔහු පැවසීය.

තවද, කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසීය.

ඉන්දීය ණය ආධාර යටතේ සංඥා පද්ධතිය නවීකරණයට අදාළව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවත්, කැලණි මිටියාවත දුම්රිය මාර්ගයේ වේග සීමාවන් ඉවත් කර වේගය වැඩි කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මේ මස මුල් සතියේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දුම්රිය  සහ ලංගම ප්‍රවේශ පත්‍ර අළෙවිය විද්‍යුත් කාඩ් පත් ක්‍රමය අනුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා, වැඩිදුරටත් පැවසුවේ “මුදල් භාවිතයෙන් තොරව විද්‍යුත් කාඩ්පතකින් හෝ QR ක්‍රමවේදයකින් ගනුදෙනු කරන විට 50%කින් මෙම ආයතනවල ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙන,” බවයි.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved