පුවත්

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ

Published

on

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබේ.

ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා නිර්දේශ ලබාදීම සඳහා නියෝජිත කමිටුවක් පත්කිරීමට නියමිත බවට වාර්තා වේ.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබේ.

Trending

Exit mobile version