පුවත්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරයි

Published

on

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (25) කඳුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවර ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

Trending

Exit mobile version