Connect with us

පුවත්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයකුට අල්ලස් චෝදනා!

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකුගෙන් තමාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයකුගේ අංකය ඉල්ලා ඇමතුමක් ලැබුණු බවත් එම පුද්ගලයාට පසුගියදා ඔහුගේ ඉඩම රජයට පවරා ගැනීමෙන් පසු ලැබිය යුතු රුපියල් මිලියන 5ක වන්දිය නොලැබුණු බවත්ය.

එමෙන්ම මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා තිබුණේ වන්දි මුදල් ලබාදීමට එරෙහිව තමන්ට පෙත්සමක් ලැබී ඇති බවත් පරීක්ෂණයක් අවසන් වනතුරු එම වන්දි මුදල අත්හිටුවන ලෙසත්ය.

මෙය ප්‍රාදේශීය ලේකම්වරයාට කරදරයක් වී ඇති බැවින් ඔහු පෙත්සමේ පිටපතක් තමාට එවන ලෙස මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති අතර වන්දි මුදල් ප්‍රදානය කළ පුද්ගලයාගේ තොරතුරු ඔහු සතුව තිබුණද ඒවා ජනාධිපති කාර්යාලයේ නිලධාරියාට ලබා දී නොමැත.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ඉඩමට වන්දි ලබා දුන් පුද්ගලයාට කතා කර කරුණු විමසීමේදී එම පුද්ගලයා පවසා ඇත්තේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා හඳුනන බවය. 

පසුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම පුද්ගලයාට මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංකය ලබා දී තිබේ.

පසුව එම පුද්ගලයා කතා කර ප්‍රාදේශීය ලේකම්වරයාට පවසා ඇත්තේ “එයා (මාධ්‍ය අධ්‍යක්ෂ) මගෙන් වන්දි මුදල් කප්පාදුවක් ඉල්ලනවා” යනුවෙනි.

ප්‍රාදේශීය ලේකම්වරයා එම පුද්ගලයාට පවසා ඇත්තේ රජය තම ඉඩමට වන්දි ලබාදී ඇත්තේ සම්පූර්ණ තක්සේරුවක් මත බවත් එම මුදලින් සතයක්වත් කිසිවකුට නොදෙන ලෙසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනේ අවසානයේ සදහන් කර ඇත්තේ “ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් අතකොළු කරගෙන අල්ලස් ඉල්ලන මට්ටමට දියුණු වෙලා” යනුවෙනි.

කෙසේ වෙතත් අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී ඇති මාධ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන අතර අවශ්‍ය ස්ථානවලට දැනුවත් නොකර මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිවද පරීක්ෂණයක් පැවැත්වේ.

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved