පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීමක්

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදුකරන බවත්, එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කලහ.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරීවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ දී ප්‍රකාශ ලබාගැනීමට පියවර ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

එලෙස අස්ථාන ගත වී ඇති භාණ්ඩ මොනවා ද යන්න පිළිබඳව ද සොයාබැලීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද විමර්ශන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසන ලදී.

Trending

Exit mobile version