Connect with us

පුවත්

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට

Published

on

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

ඒ අතර, ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද සිටින බව වාර්තා වේ.

ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණි. 

පුවත්

මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

Published

on

By

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කරයි .

කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා 0112 42 11 11, 0112 027 149 සහ 0112 013 244 යන විශේෂ දුරකථන අංක කිහිපයක්ද ක්‍රියාත්මක බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

Continue Reading

පුවත්

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙක් හදිසියේ මිය යයි

Published

on

By

ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කලේය.

ඔහු පවසා සිටියේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවය.

ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ සිටි පුද්ගලයෙක්ද මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් වන ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවය.

Continue Reading

පුවත්

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

Published

on

By

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පවතින බවත් සංගමය සදහන් කරයි.දැනට අවලංගු කිරීමට සිදුවී ඇති දුම්රිය අතර කුරුණෑගල, රඹුක්කන, පොල්ගහවෙල, හලාවත, බලා ධාවනය වීමට නියමිත දුම්රිය ද වේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved