ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකේයයන් වෙනුවෙන් නව අවස්ථාවක් ජපන් තානාපති කාර්යාලය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දෙන බව ජපන් තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දී ක්ෂේත්‍ර 07ක් සඳහා කුසලතා පරීක්ෂණ සඳහා අයදුම් කල හැකිය.
අදාළ කුසලතා පරීක්ෂණය 2024 ජූලි 16 සිට 18 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී (SLFI) පැවැත්වේ.
වැඩිදුර විස්තර පහතින් දැක්වේ.