Connect with us

පුවත්

ජපානයේ වැඩ කිරීමට නව මාවතක් 

Published

on

ජපානයේ සේවය කිරීමට, නිශ්චිත පුහුණු කම්කරුවන් (Specified Skilled Worker /SSW). සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් අද (01) දින සිට ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දී තිබේ.

මේ බව ප්‍රකාශ කෙරුණේ මෙරට සිටින ජපන් තානාපති මිසුකෝෂි හිදෙඅකි මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති – ඒ.ඒ ඒම් හිල්මි මහතා විසින් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීය.

මේ අනුව පසුගිය වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල නිපුණතා පරීක්ෂණ සමඟ එක්ව ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් වන බැවින් ජපානයේ සේවය කිරීමට හැකි දක්ෂ ශ්‍රී ලාංකිකයන් මෙම නව අවස්ථා‌වෙන් උපරිම ප්‍රයෝජනය ගනු ඇතැයි ජපන් තානාපතිවරයා මෙහිදී පැවසීය. 

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ SSW සඳහා වූ පරීක්ෂණය ආරම්භයත් සමඟ ජපන් භාෂාව ඉගෙනීමට ඇති උනන්දුව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පිළිබඳවද ඔහු අදහස් දැක්වූ අතර, ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයට සහය දැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ද පැහැදිලි කළේය.

තවද ශ්‍රී ලංකාවේ ජනතාවට සහය වීමට සහ ශ්‍රී ලංකාව සමඟ ජපානයේ ඇති දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව සහය ලබාදීමට ජපන් රජයේ ඇති දැඩි කැපවීම ද මිසුකෝෂි මහතා මෙහිදී යළිත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ආහාර සැකසුම් ක්ෂේත්‍රය සහ ඔටෝ මොබිල් ක්ෂේත්‍රය සදහා පුහුණු ශ්‍රමිකයින් යැවීම සදහා වන අවස්ථාව කඩිනමින් ලබාදෙන ලෙසද ජපන් තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වීමට හා ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා, SSW සඳහා පරීක්ෂණ පවත්වන Prometric හි වෙබ් අඩවියට පිවිසෙන්න.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved