ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා මේ සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.
ජූලි 28 – 29 දිනවල එම සංචාරය සිදු කෙරෙන අතර විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සංචාරයට එක්වනු ඇති බව වාර්තා වේ.
මෙම සංචාරය තුළදී ජපාන රජයේ සම සභාපතීත්වයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
ඊට අමතරව, මෙම ධූත පිරිස විසින් මෙරට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2019 වසරෙන් පසු ජපන් අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.