පුවත්

ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා, 78 වන වියේ පසුවිය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ජයන්ත ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Trending

Exit mobile version