ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස්, තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
කෙසේවුවද, පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද වාර්තා වේ.
එම නගරය ස්ථාපනය කර වසර 630ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.