පුවත්

ජල බිල්පත් ගෙවන්න පරක්කු වුනොත් ප්‍රමාද ගාස්තුත් ගෙවන්න වෙයි

Published

on

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

එම ගාස්තු ලබන වසරේ ජනවාරි සිට අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනූව රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතනය සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version