Connect with us

පුවත්

“ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට වැදගත්”

Published

on

ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධණය කිරීමට පියවරගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයේදීය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එම උත්සවයේදී ශ්‍රී ලංකාවේ ආහාර ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙනයමින් පැමිණ සිටි අමුත්තන්ව මෙරට ආහාර වලින් සංග්‍රහ කිරීමට පියවර ගෙන තිබිණි. 

මේ අතර මෙරට ප්‍රවීන නර්තන කණ්ඩායමක් වන චන්දන වික්‍රමසිංහ සහ නර්තන ශිල්පීන්ගේ සංසදය සාම්ප්‍රදායික සංගීත සහ සංස්කෘතික ප්‍රසංග වලින් උත්සවය වර්ණවත් කිරීමට සමත්විය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා මෙහිදී අදහස් දැක්වමින් අවධාරණය කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් වෙමින් අභියෝග මධ්‍යයේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය සඳහා කැපවී සිටින මාවතක ගමන් කරන බවයි.

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අජ්මාන් රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා සහකාර අමාත්‍ය සුල්තාන් අල් ෂම්සි එක් වූහ.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120 ක පමණ ප්‍රධානීහූ එක්ව සිටියහ. 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved