Connect with us

පුවත්

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Published

on

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

පුවත්

රජයේ දේපළ අවභාවිතා වෙනවද?

Published

on

By

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකිය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවය.

එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved