Connect with us

පුවත්

ජාතික ජන බලවේගය ත්‍රිවිධ හමුදා සාමූහිකය අමතයි

Published

on

ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හපුතලේ ආසන සමුළුව පසුගිය දා (23) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසූයේ ලංකාවේ යුද්ධයෙන් ජීවිත බේරුණු අය රුසියාවේ යුද්ධයට ගිහින් ජීවිත අහිමිවීම සෞභාග්‍යයේ දැක්ම වශයෙන් හඳුන්වන බවය.

සමුළුව අමතමින් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා මහතා,

විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින්ට තමන් සිටි තනතුරු අනුව මෙහේ දේශපාලනය නොකර හොඳ රටකට ගිහින් සැපසේ ඉන්න පුළුවන්. නමුත් රට ගැන තිබෙන හැඟීම නිසා දුෂ්කරතා, වෙහෙස නොබලා කටයුතු කරනවා. රට, අනාගත පරම්පරාව ඉල්ලා සිටින දෙයක් මේ කණරන්නේ. මේක ඓතිහාසික කටයුත්තක් බව තහවුරු වෙන්නේ ජාතික ජන බලවේගය ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා පියවරෙන් පියවර ඉදිරියට යනකොටයි. ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සිටින්නේ විශේෂ ගෞරවයකට පත්වූ කණ්ඩායමක්. ත්‍රස්තවාදය තුරන් කිරීමට මානෙල් පලන්දා අපි සියලු දෙනා රට වෙනුවෙන් කැපවූ අවස්ථාවේ ඔබ වෙනුවෙන් කවි ගී ලියැවුණා. ඔබ සියලු දෙනා අභිමානයකින් සිටියේ. ඔබ ලබාදුන් රටේ ජයග්‍රහණය සමහරුන් කොල්ල කෑවා. ප්‍රභාකරන්ලා ඉල්ලුවේ රටෙන් කෑල්ලයි, රනිල්ලා රාජපක්ෂලා රටම ඉල්ලන්නේ. ඔබ යුද්ධයේදී අනතුරට පත්වුණේ ඔබේ ජීවිතය. නමුත් මේ පාලකයන් යුද්ධයක් නැතිව ඔබේ දරුවන්ගේ බිරිඳගේ, මාපියන්ගේ ජීවිත් වීමේ අයිතිය අහිමි කිරීම නිසා සමහරුන්ට රට අත්හැර යන්න සිදුවී තිබෙනවා. මෙහේ යුද්ධයේදී ජීවිත බේරුණු අය රුසියාවේ යුද්ධයට ගිහින් ජීවිත අහිමිවීමට සෞභාග්‍යයේ දැක්ම කියලා කියන්න වෙලා.

ත්‍රිවිධ හමුදාවේ සිට විශ්‍රාම ගිය අය ත්‍රීවිල් හයර් කිරීම, වැලිගොඩ දැමීම, කොළඹ වැඩපොළවල අත්වැඩදීම වගේ එදා වේල හොයන තත්වයකට පත්කරලා. එදා තිබුණු අභිමානය අද නැහැ. ඔබට සහ අනාගත පරම්පරාවට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීම අපි කාගෙත් කාර්යභාරයක්. මෑතක අරගලයෙන්වත් පාලකයෝ හැදිලා නැහැ. පසුගිය 19වැනිදා ජනාධිපතිවරයාට පරිපූරක ඇස්තමේන්තුවකින් රුපියල් මිලියන 8750ක අමතර මුදලක් වෙන්කර ගත්තා. මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 6600ක් වෙන්කරගෙන තිබුණා. ඊට පස්සේ ජනවාරි මාසයේ තව රුපියල් ලක්ෂ 2000ක් ලබා ගත්තා. එක මිනිහෙකුට වෙන්කරගෙන තිබෙන මේ මුදලෙන් රුපියල් මිලියන 100ක් බැගින් යොදවා රෝහල්වල වාට්ටු හැදුවා නම් වාට්ටු කීයක් හදන්නන පුළුවන්ද. වෛද්‍යවරයෙක් බිහිකරන්න වැය වෙන්නේ රුපියල් මිලිය හයක් කියලා ගණන් බැලුවොත් වෛද්‍යවරුන් කීයක් බිහි කළ හැකිද? එක ගෙයක් හදන්න රුපියල් මිලියන පහක් දුන්නොත් ගෙවල් කීයක් හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයා මේ සල්ලිවලින් කරන්නේ ලෝකයේ මළගෙවල්වල යන එක, ඔටුනු පළන්දන මඟුල් ගෙවල්වල බුරුතු පිටින් කට්ටිය එක්කගෙන යන්න වැය කරනවා. අනුර සහෝදරයා ජනාධිපති වූ වහාම මේ සියලු වියදම් කපා හරිනවා. අරගලයක් කරලා වත් මේ මිනිස්සු පාඩමක්  ඉගෙන ගන්නේ නැත්තේ ඇයි?

අරගලයේ දෙවන අදියර ඡන්දයේදී ප්‍රකාශයට පත්වෙනවා. පළමුවැනි අදියරයේදී කපුටයි, මයිනයි ගෙදර යැව්වත් කපටි නරියෙක් බලයට පැමිණියා. මේ මයිනෝ, කපුටෝ ඔක්කොම සුද්ද කරලා මනුෂ්‍යත්වය තිබෙන ජනාධිපති කෙනෙක් පත්කරගෙන ඒ වගේම පාර්ලිමේන්තුවත් මාලිමාවෙන් පත්කර ගන්න එක ස්ථිරයි. ජේආර්ගේ සිට මේ විධායක ජනාධිපති ධුරය විනාශකාරියි. නමුත් ඒ ධුරයේ බලතල යොදවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කර, විශාල බද්දක් පටවා තිබෙනවා. දේපොළ බද්දක් යනුවෙන් තවත් අසාධාරණ බද්දක් ක්‍රියාත්මක කිරීමට මේ පාලකයන් සූදානම් වුවත්, ජාතික ජන බලවේගය එය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදී පරාජය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ පාලනයක් යටතේ සාකච්ඡා කරමින් ජනතාව නොපෙළෙන තත්වයකට පත්කරනවා. විගණකාධිපතිවරයා 2022 වර්ෂයට ඉදිරිපත් කළ වාර්තාවෙන් රුපියල් බිලියන 904ක් පොලු තබා ඇති බව හෙළිකර තිබුණා. ඒ ආදායම් රජයට ලබාගනිමින් බදු වංචාකර තිබෙන ජොන්ස්ටන්ලගෙන් ඇලෝසියස්ලාගෙන් ස්ථිර වශයෙන්ම අයකර ගන්නවා.

ඒ විදිහට ආදායම් වැඩිකර ගෙන වියදම් අඩුකර ගැනීමේ ක්‍රම අනුගමනය කිරීම අපේ ප්‍රතිපත්තියයි. 2024 අයවැයෙන් හිටපු ජනාධිපතිවරු හතර දෙනෙකුට සහ සජිත්ගේ මවට රුපියල් මිලියන 1100ක් වෙන්කර තිබෙනවා. නිල නිවාස, වාහන, ආරක්ෂකයන් ලබාදී මාධ්‍ය ඒකකයක් අනුයුක්ත කර, කෑම බීම පවා මහජන මුදලින් සපයනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පළවැනි කැබිනට් තීන්දුව ලෙස මේ වියදම් සියල්ල කපා හරිනවා.

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ග අටක් රට පුරා බෙදා හැර ඇති බව ලංකාදීප පත්තරයේ තිබුණා. ඒ එන්නත් විදින්නේ මේ රටේ ජනතාවට මිස කෙහෙලිය රඹුක්වැල්ලාට නෙවෙයි. ඔවුන් ජනතාවගේ ජීවිත සලකන්නේ ඒ ආකාරයට. ඒ වගේම අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් හිමිකම් කියන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 500කට ආසන්න පිරිසකගේ වැටුප් අහෝසි කරනවා. දේශපාලනය රස්සාවක් කර ගත් අය පවුලෙන් පිට අයට මහජන නියෝජිතයන් වෙන්න දෙන්නේ නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේත් මුළු රටේමත් හත්මුතු පරම්පරාවම රස්සාවක් කර ගත් මේ දේශපාලනය මහජන සේවාවක් බවට පත්කරනවා. ඒ වෙනුවෙන් කැපවූ සැබෑ මහජන නියෝජිතයන් එළඹෙන මහා මැතිවරණයෙන් මාලිමාව ලකුණෙන් ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.

ලෝකයා ඉදිරියේ ලංකාව නම්කර තිබෙන්නේ බංකොළොත් රාජ්‍යයක් හැටියට. තිස් අවුරුදු යුද්ධය කාලෙවත් බංකොලොත් නොවූ ලංකාව සෞභාග්‍යයේ දැක්ම යටතේ අත්තිවාරමේ පටන්ම බිඳ දැම්මා. එවැනි රටක් ගොඩනඟන්න මහා ජාතික එකමුතුවක් අවශ්‍යයි. මහා අර්බුද හමුවේ ලෝකයේ රටවල් ජාතික ව්‍යාපාර ගොඩනැගුවා. අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගන්න ඉන්දියාවේ මහත්මා ගාන්ධිලා, නේරුලා, වමේ චන්ද්‍රබොස්ලා ජාතික ව්‍යාපාරයක් ගොඩනඟා අවිහිංසාවාදී සටන් ගෙනයමින් ලක්ෂ ගණන් ජනතාව පෙළපාළිවලට සහභාගිකර ගත්තා. අන්තිමේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1947දී ඉන්දියාවට නිදහස දුන්නා. ඒ අධිරාජ්‍යවාදීන් ලංකාවේ හිටපු එයාලට කීකරු අයට 1948දී නිදහස දුන්නා. එයාලා රෑ දොළහට ඇවිත් බලාගාර ටික, වරායේ ජැටියක් ඉල්ලන සැණින් දෙන්න f ම්පාලකයෝ බලන් ඉන්නේ. ඒ නිසා සැබෑ නිදහස ලබාගැනීමේ ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. අපි ගොඩනඟා තිබෙන ඒ ජාතික ව්‍යාපාරයට “ජාතික ජන බලවේගය” කියලා නම තිව්වා. ඒ වටා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් එකතුවී සිටීම, පොලීසියේ විශ්‍රාමිකයන් එකතුවීම, කාන්තාවන් එකතුවීම, වෛද්‍ය, ඉංජිනේරු, ගොවි, ධීවර, ත්‍රී විල් රථ රියදුරු, සමෘද්ධි කණ්ඩායම් වගේ සියලුම දෙනා එකතුවීම සිදුවෙමින් පවතිනවා. පක්ෂය ඉක්මවා ගිය මහා බලවේගයක් ගොඩනඟල මේ රට ගොඩනඟනවා. කලාකරුවන් එකතුකරගෙන මිනිසුන්ගේ සිත්වල තිබෙන අධ්‍යාත්මික පිරිහීම් ඉවත්කර ගත යුතු වෙනවා. අපි මේ බලවේග එකතු කරන්නේ ඡන්ද හදන්න විතරක් නොවෙයි, රට හදන්නත් එක්කයි.

බැංකු කැඩූ රනිල් වික්‍රමසිංහලාට දඬුවම් කරන්න කියලා ලක්ෂ 69ක් ඡන්ද ගත් අය ඒ ජනවරම රනිල් වික්‍රමසිංහ වෙත පාවා දුන්නා. සුදු ළුෑණු, සීනි, පොල්තෙල් බදුවලින් හොරකම් කළ නින්දිත හොරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. 40000ක් ජීවිත මොහොතකින් විනාශ වුණු සුනාමියෙන් රට ගොඩගන්න එවූ ලෝක ආධාර හොරකම් කළ අය සුදු ඇඳගෙන පිරිත් නූල් බැඳගෙන බලය ලබා ගන්නත් බලය රැක ගන්නත් ක්‍රියාකරමින් සිටිනවා. තව මන්ත්‍රීලා අත්තම්මලාව වන්දනාවේ කියලා එක්කන් යනවා. ඒ එක්කන් යන්නේ පිං අරන් දෙන්නද, එයාට පාර්ලිමේන්තුවට යන්න ඡන්ද  ටික එකතුකර ගන්නද? අත්තම්මලාට නිවන් පෙන්නලා එයා පාර්ලිමේන්තු යනවා. දේශපාලනඥයන් එක්ක කූඨ ව්‍යාපාරිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාලකරුවන් වගේම ජාතිවාදී, ආගම්වාදී බලවේගත් අපට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ඔබ මුහුණ දුන් තිස් අවුරුදු යුද්ධයේ යට තිබුණේ ජාතිවාදය. උතුරේ වගේම දකුණේ මේ බලවේග ක්‍රියාත්මක වුණා. ඒ බලවේග සියල්ල පරාජයකර, මහා පුනරුද යුගයකට රට ගෙනයන්න අපි හැමෝම ක්‍රියා කරන්න ඕන.

අද පවතින යැපීම් කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය එකතු කරමින් අපනයනය දක්වා වර්ධනය කරන්න ඕනෑ. ඒ මත පදනම් වූ නව කර්මාන්ත හඳුන්වා දෙනවා. ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ නව අවස්ථාවන් වෙනුවෙන් පවතින ඉඩකඩ සොයා බලා අපනයන ඉලක්කකර ගත් කර්මාන්ත පද්ධතියක් ඇති කරනවා. මේ අරමුණු ක්‍රියාත්මක කරන්න පෙළ ගැසී සිටින ජනතාව අප වටා එක්වී සිටින නිසා ඡන්ද දෙකක් කල්දමා තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් අප ඉදිරිපත් කර තිබෙන අනුර සහෝදරයා සමග සජිත්, රනිල් සහ තවත් අය තරග කරන බව පේන්න තිබෙනවා. අන්තිමේදී ඔක්කෝම එකතුවෙලා එක්කෙනෙක් ඉදිරිපත් කරන්නත් ඉඩ තිබෙනවා. සජිත්ගේ පක්ෂයේ සභාපති හිටපු හමුදාපති ෆොන්සේකා මහතා පසුගිය දිනෙක බරපතළ විවේචනයක් පාර්ලිමේන්තුවේදී කළා. ඒ අතරේ එයාගේ පක්ෂයේ උප සභාපති හැරිසන් දැන් ඉන්නේ රනිල් ළඟ. තව 19දෙනෙක් රනිල්ගෙන් විමධ්‍යගත ප්‍රතිපාදන අරගෙන යන්න හදනවා. හර්ෂ, කබීර්, තලතා, කාවින්ද, වගේ ලැයිස්තුවක් තිබෙනවා. ඡන්දයක් ආසන්නයේ ඒ ගෙදර කචල් ටික එළියට ඇවිත් තිබෙනවා. සජිත්ගේ පක්ෂයේ නම සමගි ජන බලවේගය වුණත් ඒකෙ නැත්තේම සමගියයි. ඉතිං කොහොමද රටක් හදන්නේ. සමගි කියලා නම දාගත්තාට සභාපතිතුමා හයේ හතරේ පහරවල් දෙනවා නම්, ජනතාව තේරුම් ගන්න ඕන දෙයක් නැත්ද.

තේරුම් ගත් විශාල පිරිසක් හැම පැත්තෙන්ම අප වටා එකතුවී සිටිනවා. රනිල්ලා, සජිත්ලා, වටවෙලා අවලාද නගන්න ක්‍රියාකරනවා. ඒවාට අමතරව බඩු මලු බෙදනවා. වන්දනා ගමන් අරන් යනවා. එයාලට තිබෙන අපට නැති දේවල් යොදා ගෙන ඒ වැඩ කරනවා. අපට නැති එයාලට තිබෙන දේවල් තමයි රාජ්‍ය බලය, මුදල් බලය, මාධ්‍ය බලය වගේ බලයන් තිබුණත් ඔය සියල්ලටම වඩා බලයක් අපට තිබෙනවා. ඔය කිසිම බලයක් නැති මේ රටේ මහජනතාව පාරට බැහැලා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති පස්සදොරෙන් පළවා හැරියා. පොදු මහා ජනතා බලය තිබෙන්නේ මාලිමාවත් එක්ක. ඒ බලය රැකගෙන තවදුරටත් අනෙක් අය දැන්වත් කරමින් ඉදිරියට යන්න ඕනෑ. මට අම්පාරේ රෑ කඩයකදී හමුවූ අත්තම්මා කෙනෙක් කීවේ මුළු ගමේම කට්ටිය ජේ.වී.පී.කාරයන්ට දෙනවා කියලා. ඒ අම්මාට මාලිමාව ගැන අවබෝධයක් දැනට නැති වුණත් ඡන්දය දෙන්න තීරණය කරලා අනෙක් අයටත් කියමින් යනවා. අපි නොහිතන පිරිසක් ගම්බිම්වල වැඬේට බැහැලා ඉන්නවා. ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් මෙතනට ආවාට වඩා පිරිසක් එළියේ ඉඳලා වැඬේ කරමින් යනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මුලාකරන්න ඔවුන් ගෙන යන මඩ ව්‍යාපාර ගැන අවබෝධ කරගෙන අර අත්තම්මා කරපු වැඬේ අපි හැමෝම කරන්න ඕනෑ. මේ අවස්ථාව පැහැර හැරියොත් ඔබට මට වඩා දරුවන්ට රටක් නැති වෙනවා.”

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved