Connect with us

පුවත්

ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට

Published

on

ඉදිරි මැතිවරණ සමයේ  ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ලිපියට අනුකූලව කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2024 අයවැය යෝජනා යනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අමතරව “කඳුකර දශකය” නමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇති බවත් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘති 2කම මෙම වසරේ ජූලි 31 වනදා වනවිට අවසන් කළ යුතු බවට ද නිවේදනය කර ඇති බවත් මෙම ව්‍යාපෘතී ඉටුකිරීම සඳහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන්කිරීමටද තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාරදුන් අපේක්ෂකයින් මෙම ප්‍රජා කමිටුවල කටයුතු කරන බවත් මෙම ව්‍යාපෘති හරහා ඔවුන්ට දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

එම නිසා එවැනි අපේක්ෂකයින්ට රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර නොගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන් දැනුවත් කරන්නැයි දන්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉකුත්දා ලිපියක් යොමුකර තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා පළාත් පාලන ඡන්ද විමසීමේදී දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා  සිටියි.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved