ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එදිරිව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව දැමූ පැමිණිල්ලක් වෙනුවෙන් නියෝගයන් ලැබී තිබේ.
මෙම පැමිණිල්ල ගොණුකර තිබුනේ Stop Child Cruelty Trust සංවිධානය විසිනි.
අදාළ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව දැමූ පැමිණිල්ලට ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුනු නියෝග මෙසේය.
1. ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි වලට පහුගිය වසර 10 තුළ කෘරත්වයට අදාලව සහ ලිංගික අපයෝජන වලට අදාලව ලබාගත් දණ්ඩ විනිශ්චයන් කීයද?
- ළමා අපයෝජන සම්බන්ධ අධීක්ෂණයේ අනිවාර්ය අංගයක් වන නඩු කටයුතු වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා පොදු අධිකාරිය සැලැස්මක් සකස් කල යුතු අතර එය මාස 3ක් තුළ ඉදිරිපත් කල යුතුයි.
2. අධිකාරියේ ප්‍රගතිය සටහන් වෙන වාර්ෂික වාර්ථා මහජනතාවට ප්‍රදර්ශනය කල යුතුය.
- 2019, 2020, 2021, 2022 වාර්ථා සියල්ල 2024/05/10 දිනට පෙර ලබා දිය යුතුය.
3. අධිකාරියේ වෙබ් අඩවියේ දත්ත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සිංහල සහ දෙමළ භාෂා වලින් ඉදිරිපත් කළ යුතුය.
ස්වාධීන ආයතනයක් ලෙස 1998 අංක 50 දරණ පාර්ලිමේන්තු පනත ප්‍රකාරව ඉමහත් බලතල ඇති ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ අකර්මණ්‍යතා නිසා මහජන විශ්වාසය පළුදුවීම සිදුවෙමින් පවතිනා අතර එය වැළැක්වීම වෙනුවෙන් ගන්නා ලද පියවරක් ලෙස මෙම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාර පැමිණිල්ල ඉදිරිපත් කල බව Stop Child Cruelty Trustසංවිධානය සඳහන් කරයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2022 වසරේ දී COPE කමිටුව හමුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිලියන ගණනක් වංචා කල බව ද මින් ඔප්පු වූ බවයි.
රාජ්‍ය ආයතනක් වශයෙන් ආයතනයේ නිලධාරීන් වගවීමට ලක් කිරීමත් දරුවන් ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටින වගකීම වචන වලට සීමා නොවී කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් දිරි ගැන්වීමත් ස්වකීය පරමාර්ථය බව විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
( Stop Child Cruelty Trust නිල Facebook පිටුව)