පුවත්

ජොන්ස්ටන් දාපු පෙත්සම ඉල්ලා අස්කර ගනී

Published

on

කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධි ලෙස එකලස් කරන ලද BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තානි සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ තම සේවාදායකයාට මේ වන විට මහේ ස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී ඇති හෙයින් මෙම පෙත්සම පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවය.

ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කරනු ලැබීය.

Trending

Exit mobile version