Connect with us

පුවත්

ටෙලිකොම් – ලංකා හොස්පිට්ල්ස් අතුරු තහනම ඉවත් කරන්නැයි ඉල්ලයි

Published

on

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙන පෙත්සම් වලින් ජාතික ආර්ථිකයට අගතිදායක බලපෑමක් සිදුවන හෙයින් එම පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද අභියාචනාදීකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම ඉල්ලීම සිදු කළේය. 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීස් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වලට අදාළව නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝග වලින් ජාතික ආර්ථිකයට බලපෑමක් සිදුවන බව පෙන්වා දුන්නේය.

මෙම පෙත්සමට අදාළව තවත් සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් අතිරේක අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරුවන් අධිකරණයෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බවත් චෝදනා කළේය.

එය සම්පූර්ණයෙන්ම අභියාචනාධිකරණ රීතීන්ට පටහැණි බවත් ඒ අනුව අදාල පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඒවා මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ ලෙසත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා පෞද්ගලික මට්ටමින් නම් කර ඇති බවත් ඒ අනුව අදාල පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාල පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අර්ධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණු අතර එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා කරුණු දැක්වීමට නියමිතය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලින් පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% ක කොටස් හා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ 51.34% ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි. එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කළහ.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිලි නොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බවත් සිය පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

(අරුණ)

සබැඳි පුවත් :

ලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයි; රනිල් වගඋත්තරකාරයෙක් කරයි

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved