පුවත්

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂව පැහැරගෙන පහරදුන්නාට 5ක් අත්අඩංගුවට

Published

on

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතාව පැහැරගෙන පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

වැලිමඩ නගරයේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙකු ප්‍රියන්ත මහතාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී හපුතලේ මාර්ගයේ දමාගොස් සිටියදී ඊයේ (05) සොයාගෙන තිබුණි.

මොහු පැහැරගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන සහ පැහැරගත් අවස්ථාවේ වාහනය තුළ ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දර්ශන පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබුණි.

පැහැරගැනීම සඳහා යොදාගත් වෑන් රථයද පොලිසියේ භාරයට ගෙන තිබේ.

ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඇති වූ පෞද්ගලික ආරවුලක් මීට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.

Trending

Exit mobile version