හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (25) සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මේ අනුව, නඩුවකට සාක්ෂිදීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් දේවානන්ද මහතාව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වමින්, නිකුත් කර තිබූ වරෙන්තුව යළි කැඳවන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.ඉන් අනතුරුව පෙර ඇප මත මුදා හැරුණු දේවානන්ද මහතාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.
2016 වසරේදී රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.