Connect with us

පුවත්

ඩයනා ට විදෙස් ගමන් තහනමක්

Published

on

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය.

මෙම තහනම මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මගින් දැනුම් දීමට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

Published

on

By

සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved