පුවත්

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම අත්අඩංගුවට ගන්න වරෙන්තු

Published

on

ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ගාලුමුවදොර අරගලයට පහර දීමේ සිද්ධියේ නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කෙසේවෙතත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත .

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ  පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වන විට විදෙස් ගතව සිටින බවය.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කලාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්  කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිප්තිවරයා වෙත යවා තිබෙන බවය.

ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26දින නඩුව නැවත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Trending

Exit mobile version