පුවත්

ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වන ලකුණු?

Published

on

ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවය.

වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ අතර ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසිසේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවය.

එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100 ක ක්‍රියාත්මක ව ඇති අතර ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Trending

Exit mobile version