පුවත්

ඩෙංගු රෝගීන් ඉහළට : අධි අවදානම් කලාප 44ක්

Published

on

මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 18%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,114 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊට පෙර සතිය තුළ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 943 දෙනෙකු පමණය.

ඒ අනුව මේ වසරේ ගත වු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 63,549 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 44ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට ද පියවර ගෙන තිබේ.

Trending

Exit mobile version