Connect with us

පුවත්

ඩොනල්ඩ් ලූ ජාතික ජන බලවේගය හමුවෙයි

Published

on

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මියද සහභාගි වූවාය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

Published

on

By

ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අත්සන් තබන ලදී.

මෙම  ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල  ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි  ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.

ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූද ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නාවූද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.

ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ වෙළඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද මෙම ගිවිසුමෙන්  අවධාරණය කෙරේ.

එසේම මෙම ගිවිසුම ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් එනයින් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසාර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙළඳ හා මූල්‍ය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීමටත් මෙය ඉවහල් වනු ඇත.

Continue Reading

පුවත්

ආදරවන්තයිගේ දිනය වෙනුවෙන් පොලීසියෙන් පණිවිඩයක්

Published

on

By

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක් පළකර ඇත.

එහි සඳහන්ව ඇත්තේ “ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න.” යනුවෙනි.

එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.

Continue Reading

පුවත්

අදත් විදුලි කප්පාදුවක් – වේලාවන් මෙන්න (update)

Published

on

By

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

පසුගිය ඉරිදා (09) දින විදුලි බල පද්ධතියේ ඇති වූ සමතුලිතතාවය බිඳ වැටීමක් හේතුවෙන් පැය 05ක කාලයක් දිවයින පුරි විදුලි බිඳවැටිමක් සිදුවිය.

මෙම හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කර තිබු නමුත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගත්තේය.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින අතර අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


(පෙර පුවත 2025 පෙබරවාරි 12 ප.ව.12.34)

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේය.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වුණි.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය.

එම නිසා ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, අද (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved