පුවත්

ඩෝප් රියදු‌රෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට 5,000ක්

Published

on

බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා සෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000/-ක දීමනාවක් ගෙවීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබේ.

මෙය 2024 වසරේ ජනවාරි මස 01දා දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාලය තුළ බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට සිය වැටුපට අමතර රු.5000/-ක දීමනාවක් හිමිවේ.

තවද ඊට වැඩියෙන් කරන අත්අඩංගුවට ගැනීම් සඳහා ද රුපියල් 5000/- සිට ඉහළම මුදල් ත්‍යාග ගෙවන බවත් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.

අනතුරු වළකා ගැනීම උදෙසා නිලධාරීන් දිරිගන්වීම පිණිස මෙම නියමු ව්‍යාපෘතිය ඇරඹූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

(මූලාශ්‍රය : අරුණ)

Trending

Exit mobile version