Connect with us

පුවත්

ණය නොගෙවා බ්ලැක් ලිස්ට් වූ ව්‍යාපාරිකයන්ට තව ණයක් ගන්න අවස්ථාවක්

Published

on

ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට යළි නඟා සිටුවීමට රුපියල් කෝටි 500ක ණය සහන පැකේජයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතනවලට රුපියල් ලක්ෂ පනහට නොවැඩි මුදලක් ගෙවිය යුතු ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් දහසක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියන පහ බැගින් ණය සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීමට නියමිත බව පැවසේ.

මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් සහ ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ එය ආපසු ගෙවීමට හැකිවන ලෙස සහන සලසා දී ඇතැයි ද වාර්තා වේ.

මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර සඳහා වූ අය වැය යෝජනා ඉදිරිපත් කරමින් බිඳ වැටුණු ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2000ක මුදලක් වෙන් කර තිබේ.

එම මුදලින් මුල් අදියර සඳහා මෙලෙස රුපියල් කෝටි පන්සීයක් යොදා ගනිමින් මෙම කාරක ප්‍රාග්ධන ණය සහන පැකේජය මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය එකට එක්ව ක්‍රියාත්මක කරනු ඇත.

ඒ සඳහා රට පුරා විසිරී සිටින දැනට යම් තරමකින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් තෝරා ගැනීමේ මූලික කටයුත්ත ආරම්භ කොට ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ආංශික සංවර්ධන අංශය) වෙත තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස ව්‍යවසායකයින් දැනුම්වත් කොට ඇතැයි Ceylon Federation Of MSME උප සභාපතිනී සශිකා ද සිල්වා මහත්මිය මාධ්‍යට පවසා ඇත.

මෙලෙස ණය සහන පැකේජයක් ලබා ගනිමින් බිඳ වැටුණු ව්‍යාපාර නැංවිමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය සහ සැලසුම් කිරීමේදී ඒ සඳහා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන ආචාර්ය රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රධාන නිලධාරීන් සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම තම සම්මේලනය ඇතුළු සියලු ආයතනික රාමුව සමඟ එක්ව කටයුතු කරන බව සිල්වා මහත්මිය සඳහන් කර තිබේ.

මෙම ණය සහනය ලබා ගැනීම සඳහා සුදුස්සන් ඉල්ලුම්පත් කැඳවා ස්වාධීන විද්වත් කමිටුවක් මඟින් තෝරා ගන්නා අතර වඩාත් විනිවිදභාවයෙන් යුතුව සුදුස්සන්ටම මෙම පහසුකම පිරිනැමීමට ක්‍රියාකරන බව ද ඇය පවසා ඇත.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved