ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (10) ඉදිරිපත් කරමිනි.
මේ වන විට නිල ණය හිමියන් සහ චීන එක්සීම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ අවසන් අතර අනෙකුත් ණය හිමියන් සමග සාර්ථකව සාකච්ඡා පවත්වන බව ද වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.