තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තුළ අද (22) අලුයම ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් එහි කාර්යාල උපකරණ රැසකට හානි සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ධීවර කාර්යාලයේ දෙවැනි මහලේ හටගත් ගින්න පැතිරෙනවාත් සමඟම ඒ අසල පිහිටි තංගල්ල පොලීසියේ නිළධාරීන් දැක වහා ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කොට තිබේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇතැයි තංගල්ල පොලීසිය අනුමාන කරයි.