පුවත්

තණමල්විල දැරියට සාධාරණය ඉල්ලා විරෝධයක්

Published

on

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම නඩු කටයුත්ත විභාග වන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්ද පැවැත්විණි.

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර තිබුණි.

මේ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා  ගිය මාධ්‍යෙව්දියෙකුට එහි සිටි   කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු බැන තර්ජනය කර  පහරදීමට උත්සාහ කර තිබේ.

කෙසේවෙතත්, පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා  ඉවත් කිරීමට උත්සාහ දරන විට ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වේ.

Trending

Exit mobile version