පුවත්

තවත් පිරිසකට රජයෙන් දීමනාවක්

Published

on

‘සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳන්කර ඇත්තේ, එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ සුරැකුම් මාධ්‍යාන, රැක බලාගැනීමේ නිවාස වල සිටින ආබාධිත පුද්ගලයින් සහ පිරිවෙන්වල වැඩ සිටින හිමිවරුන් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000/- ක මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

එම පණිවුඩය පහතින් දැක්වේ.

Trending

Exit mobile version