Connect with us

පුවත්

තවත් ශ්‍රී ලාංකිකයකු ඉන්දියවේදී අත්අඩංගුවට

Published

on

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේදි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ ශරන් කුමාර් කාලිදාස් නොහොත් උමේෂ් බාලා රවීන්ද්‍රන් නැමැති හතලිස් පස්වැනි වියේ පසුවන්නෙකි.

ඉන්දියාවේ මධ්‍යම අපරාධ කාර්යාංශය මගින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

2010 වසරේ ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රී ලාංකිකයා රජයේ ලියකියවිලි නීති විරෝධි ලෙස සකස් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේදී ද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර සිටි අයකු බවද පැවසේ.

2016 වසරේදි යලිත් නීති විරෝධීව ඉන්දියාවට සංක්‍රමණය වී ඇති මොහු කර්නාටක ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බවට එරට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පැවසේ.

සැකකරු සතුව තිබී නීති විරෝධි ලෙස සකස් කරන ලද ලිපි ලේඛන, රියදුරු බලපත්‍ර, ජංගම දුරකථන මෙන්ම පිස්තොල වර්ගයේ ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාර ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ බිරිඳ, දරුවන් තිදෙනාද සමග ශ්‍රී ලංකාවට පළායාමට උත්සාහ දරා ඇති අතුර ගුවන්තොටුපළේ රැඳි සිටියදී ඔවුන් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පුවත්

නවදිල්ලි දුම්රියපලේ තෙරපී 18ක් මරු දකියි!

Published

on

By

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Continue Reading

පුවත්

වාහන ආනයනයට නිකුත් කළ LC ජපන් බැංකු ඉවත දාලා 

Published

on

By

මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්‍රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

වසර 2020 මාර්තු මාසයේදී වාහන ආනයන කරන අවස්ථාවේ ණයවර ලිපි 400ත් 500ත් අතර ප්‍රමාණයක් විවෘත කර තිබූ බවත්, අදාළ තත්ත්වය නිසා එම අවස්ථාවේ විවිධ ගැටලු මතුවූ බවත්, ඒ තත්ත්වයත් සමඟ ලංකාවේ ණයවර ලිපි සඳහා තිබූ තත්ත්වය බිංදුවට වැටී ඇතැයි ද ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති  ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටී.

Continue Reading

පුවත්

මාලිමාවේ තවත් මන්ත්‍රී කෙනෙකු රිය අනතුරකට!

Published

on

By

යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබේ.

මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව ඇත.

කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී වාහනය ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පිටුපසින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටී තිබේ.

අනතුරින් මන්ත්‍රීවරයා, ඔහුගේ සහයකයා මහ රථයේ රියදුරු තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ චාවකච්චේරිය පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved