ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් 02ක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඊයේ (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා හා මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයන් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
තවද නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයාට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත.
ත්‍රස්තවාදය හා ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත 2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.