තාවකාලිකව නවතා ඇති ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දරුවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබා දීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පවසා තිබේ.
මෙහිදී, සෞඛ්‍ය අංශයේ නිලධාරින් සඳහන් කර ඇත්තේ, නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවය.