Connect with us

පුවත්

තාඹුගලගෙන් කෝටි 30ක කප්පමක් ඉල්ලූ බවට CIDයේ උසස් නිලධාරීන් 3කට චෝදනා

Published

on

රුපියල් කෝටි 07 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජන් තාඹුගල මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30 ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ඇතැයි සැකකරුගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඊයේ (27) චෝදනා කළහ.

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතාව ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම සැකකරු ඊයේ දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම සිද්ධියට අදාළ ගනුදෙනු 2023 නොවැම්බර් 03 වැනිදා වී ඇති බවත්, සැකකරු එහිදී අපරාධමය වරදක් කර ඇතැයි ද දන්වා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ රන්ජන් ද සිල්වා, නාමල් රාජපක්ෂ, මදාරා විජේසිංහ, හික්කඩුව ලියනගේ ඉසුරි සමග පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න කරුණු ඉදිරිපත් කරමින් මෙය සිවිල් ආරවුලක් බවත්, සැකකරු විසින් අපරාධමය වරදක් කර නොමැති බවත් දන්වා සිටියහ.

සැකකරුගේ නීතිඥ උපාලි ජයමාන්න මහතා,

සැකකරු අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කරන ලද රුපියල් කෝටි 30 ක කප්පමක් තිබෙනවා. මෑතකදී විශ්‍රාම ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල්, එම අංශයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා විසින් සැකකරුගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා තිබෙනවා.

එම මුදල රුපියල් කෝටි 12 කටත්, පසුව රුපියල් කෝටි 5 කටත්, අඩුකර රුපියල් කෝටි 02 ක අත්තිකාරමක් ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ සාක්ෂි සැකකරු සන්තකයේ පවතිනවා. එම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් දීමට නියමිතයි. මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙසත්, අදාළ නඩුව ලබන ජූලි 29 වැනිදා යළි කැඳවන ලෙසත් නියම කළාය.

සබැඳි පුවත්:

තාඹුගලට ඇප 

අවුරා ලංකා සභාපති රිමාන්ඩ් 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved