Connect with us

පුවත්

තායිලන්තයට Free Visa

Published

on

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ.

එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකිය.

බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, අන්තර්ජාතික සංචාරකයන් සඳහා තායිලන්තයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමේ උත්සාහයේ කොටසක් වන මෙම පියවර 2024 ජූනි 1 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.

හැකි තරම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එරට විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බව රජයේ ප්‍රකාශක චයි වචරොන්කේ සඳහන් කර තිබේ.

මෙම වෙනස්කම් සමඟ, වීසා රහිත ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් ඇත.

පුවත්

රාජිතට සහ විදුරට විරෝධයක්

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රාජිත සේනාරත්න හා විදුර වික්‍රමනාය​ක යන මහත්වරුන්ට කළුතර දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලය අසලදී පුද්ගලයෙකු විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ.

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර නාම යෝජනා ලබාදීමට පොරොන්දු වී අපේක්ෂකත්වය ලබා නොදුන්  පුද්ගලයෙකුගෙන් මෙලෙස විරෝධය එල්ල වී ඇති බව සඳහන්ය.

රාජිත සේනාරත්න හා විදුර වික්‍රමනාය​ක යන අය එකතු වී තමාගේ නම කපා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහු එහිදී බැන වැදී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් ඊයේ (11) නාම යෝජනා භාර දුන් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් නාම යෝජනා ලයිස්තුව භාර දීම කණ්ඩායම් නායක රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Continue Reading

පුවත්

DJ එකක් නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

Published

on

By

අඟුලාන පොලිස් වසමේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණ ප්‍රජා ශාලාවේ පැවති විවාහ මංගල උත්වයකදී ඊයේ (11) රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී තිබේ.

අඟුලාන පොලිසිය සඳහන් කරන්නේ, එම පහරදීමෙන් තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවය.

මරණකරු වයස අවුරුදු 52ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු මංගල උත්සවයේ පැවති ඩී.ජේ සංදර්ශනයක් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රයක ශබ්දය අඩු කරන ලෙස පවසන අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

ඡන්දෙට කලින් අපේක්ෂකයින්ගේ සුදුසුකම් දැනගන්න අවස්ථාවක්

Published

on

By

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා පැෆරල්, මාර්තු 12 ව්‍යාපාරය සහ  ඩිජිටල් තාක්ෂණ සමාගමක් ගිවිසුමකට එළැඹ තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, 225 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත මෙවර මැතිවරණයට 5000 ක් පමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වී ඇති අතර ඔවුන්ගේ තොරතුරු ජනතාවට දැන ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙන බවය.

මෙම තොරතුරුවලට අපේක්ෂකයින්ගේ නම, වයස, ඉහළම අධ්‍යාපන සුදුසුකම, වෘත්තීය තොරතුරු, ආදායම් මාර්ග, දේශපාලන පක්ෂය, දිස්ත්‍රික්කය, මනාප අංකය, වත්කම් බැරකම් ප්‍රකාශ, දේශපාලන පළපුරුද්ද, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අරමුණ, ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ ඇයිද යන්න පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට නියමිතය.

මේ හරහා ඡන්ද දායකයින්ට දැනුවත්ව තමන්ගේ ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මේ සඳහා අපේක්ෂකයින්ගේ තොරතුරු ලැබීමට සලස්වන ලෙස සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved