පුවත්

තැපැල් ඡන්දයේ තුන්වන දිනය අදයි

Published

on

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද තුන්වන දිනටත් ක්‍රියාත්මකවේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය , නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පොලිස් අධිකාරී හා සමකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස, ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිල ඇඳුම් කාර්ය මණ්ඩල හා එම කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලටත් සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ටත් අද දිනයේදී තැපැල් ඡන්ද ලබා දීමට අවස්ථාව හිමි වී තිබේ.

අද දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි නොවන තැපැල් ඡන්ද දායකයින්ට මෙම මස 11 සහ 12 යන දින දෙකේදී සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් අවස්ථාවක් පවතින බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ අතර ඊයේ සහ පෙරේදා දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදු වූ බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි.

Trending

Exit mobile version