පුවත්

තැපැල් ඡන්දය අද 

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. 

ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම කියා සිටී.

එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

Trending

Exit mobile version