රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය නිරීක්‍ෂණය කිරීමට දහසක නිරීක්‍ෂණ කණ්ඩායමක් දිවයින පුරා යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
හඳුනාගත් ඇතැම් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
තැපැල් ඡන්දයට අදාළ සියලු ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලීසිය පවසයි.
ඒ අනුව තැපැල් ඡන්දය පැවැත්වෙන දිනවලදී ආකාර කිහිපයකින් ආරක්‍ෂාව ලබා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.