පුවත්

තිරිඟු පිටි තොග මිල තවත් බහියි

Published

on

ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල තවත් රු. 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ, අනුව රුපියල් 290 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265ක් වෙයි.

පසුගිය සතියේද ආනයනික තිරිඟු පිටි තොග මිල පහත දමනු ලැබුණි.

කෙසේ වෙතත්, මෙරට ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බැවින්, බේකරි නිෂ්පාදන වල මිල පහත දැමීමට නොහැකි බවත්, එසේ කිරීමට නම් පිටි සමාගම් දෙකේ සහ ආනයනික තිරිඟු පිටි තොග මිල රු. 250ක් දක්වා පහත දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කේ ජයවර්ධන මහතා පවසයි.

Trending

Exit mobile version