Connect with us

පුවත්

දෙරණ, එසැණ කියන්නෙ බොරු – තිළිණි ප්‍රියමාලි (Update)

Published

on

”අද දෙරණ, එසැණ වැනි මාධ්‍ය වලින් කිසිඳු සොයා බැලීමකින් තොරව තමා පිළිබඳ ප්‍රවෘත්ති විකෘති කරමින් පළ කරමින් සිටින බව තිළිණි ප්‍රියමාලි පවසයි.

ඇය මේ බව පවසා තිබුණේ තමාට එරෙහිව නඩුවක් අද (05) දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට ගැනීම සම්බන්ධයෙන් එම මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා සම්බන්ධයෙනි.

ඇය වැඩිදුරටත් මෙසේ පවසා තිබේ :

2013 අවුරුද්දෙදි මගෙත් එක්ක ආදර සම්බන්ධයක් තිබුණ සමිත් අනුරුද්ධ කියලා කෙනෙක්. එයා හිටිවෙ තංගල්ල ප්‍රදේශයේ. ඒ කාලෙ එයා පාවිච්චි කලේ මගේ ලෙක්සස් ජීප් එක. එයාගෙ මෙරූන් ඇලියොන් එක මං පාවිච්චි කලේ. අපි දෙන්නා වාහන දෙක මාරු කරගෙන පාවිච්චි කළා.

එයාට එයාගෙ වාහනේ විකුණන්න ඕන කිව්වා. මං දන්න හිතවතෙකුට ඒක විකුණන්න කතා කරලා දුන්නා. ඒ පුද්ගලයා වාහනය විකුණලා සල්ලි දුන්නෙ නෑ. ලක්ෂ 42ට තමයි ඒ මනුස්සයා ඒක විකුණලා තිබ්බෙ.

1016 නඩු අංකය අලු‍ත් කඩේ අංක 04 උසාවියෙ නඩුව තිබුනෙ. මේ නඩුවෙ පැමිනිල්ල දාන්නෙ ම‍ගේ පෙම්වතා. මං ලක්ෂ 42ක් ගෙවලා මේක ඉවර කරන්න කැමති වුනා. ඒත් එයා  ලක්ෂ 68ක්ම ඕන කියලා හිටියා. දැන් මේක කොළඹ මහාධිකරනේ අංක 04 උසාවියෙ පවතින නඩුවක් වෙලා තියෙනවා.

අද මං අසනීප තත්වෙන් ඉන්න නිසා නඩුවට ඉදිරිපත් වුනේ නෑ. ගාන ලක්ෂ 68යි. ලක්ෂ 80ක් කොහේවත් නෑ. ඇයි රටේ වග කිව යුතු මාධ්‍ය මේ විදිහට බොරු කියන්නෙ?

මේක මං ගෙවන්න කැමති වෙලා හිටියෙ. මං ගත්ත එකක් නොවුනත් මම ඇප වෙලා ගත්ත නිසා ගෙවන්න මං එකග වුනා. . මං මේකට වැරදිකාරයෙක් නෙමෙයි. මං ඇප වුනා විතරයි. නිහාල් කියලා නාවල සේනානායක මාවතේ කෙනෙක් මේ වාහනේ  විකිනුවෙ. ඒ මනුස්සයා මේක විකුනලා ආපහු  මුදල් ලබා දුන්නෙ නෑ. මට ලබා දුන්නෙත් නෑ. මමත් විශ්වාසෙට දුන්නෙ. මගේ විශ්වාසය ඒ මනුස්සයා කඩ කළා. මං ඒ මනුස්සයාට නඩුවක් පවරන්න ගියේ නැති වුනාට මගේ පෙම්වතා මට නඩුවක් පවරනවා.

ඒ ගැන වාර්තා කරන මුවාවෙන් මේ මාධ්‍ය මාව වැරදිකාරයෙක් විදිහට සමාජගත කරනවා.”

(මූලාශ්‍රය : ද ලීඩර්)


(පෙර පුවත 2023 ජුනි 05, ප.ව.1:20)

තිළිණි ප්‍රියමාලි ‌රෝහලේ ; නඩුව කල් යයි

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි පවතින තවත් නඩුවක් අගෝස්තු මස 11දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 68ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි පවසා ඇයට විරුද්ධව පවරා ඇති මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව මෙම නඩුව අගෝස්තු මස 11දා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනට පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කළේය.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved