Connect with us

පුවත්

ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව අද!

Published

on

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

එමඟින් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසු නොවන බවය.

එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා පෙත්සම ගොනුකර තිබුණි.

ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පෙත්සම ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනි.

ඒ අනුව අද තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ.

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු මඟින් ප්‍රදානය කරන ලද, ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

පුවත්

බණ්ඩි පොහොර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට

Published

on

By

වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වී කරල් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති අතර හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කළ අතර MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණි.

මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බව පෙනී යයි.

මේ නිසා MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීමට තීරණය කර තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද (07) සිට අදාල මුදල් ගිණුම්වලට බැර කිරීම ආරම්භ කිරීමට නියමිතය.

දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්,

එමනිසා මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතින අතර මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

Continue Reading

පුවත්

පාස්පෝට් 180ක් මහරගම කාණුවක

Published

on

By

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මේ වන විට වසා දමා ඇති අදාල විදේශ රැකියා ආයතනයෙන් විදේශගතවීම සඳහා දුන් ගමන් බලපත්‍ර මෙසේ කාණුවට දමා ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළි වූ බවත් අදාල විදේශ රැකියා ආයතනයේ හිමිකරු විදේශ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වංචා කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

එම විදේශ රැකියා ආයතනයේ හිමිකරු මේ වන විට විදේශ රටකට පළාගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා කාණුවේ තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව පරීක්‍ෂණක් ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved