ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් ආයෝජනය කර වංචාවට ලක්ව, එහෙත් පැමිණිලි නොකළ පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා රහස් පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් ලබා දුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවලට අනුවය.
අදාළ පුද්ගලයන් පැමිණිලි කරනු ඇතැයි අපේක්ෂාවෙන් රහස් පොලීසිය බලා සිටියද එය සිදු නොවීම නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.