Connect with us

පුවත්

තුවක්කු ගැන ඔත්තු දුන්නොත් මුදල් ත්‍යාග

Published

on

දිගින් දිගටම වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මාසයක කාලයක් සඳහා ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කළ බවය. 

අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන තිබේ.

පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින්, නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නීරීක්ෂණය වන බවත්, මෙම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වන බවත් පොලිස්පත් සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකරුන්, කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත අද ලිපියක් යොමු කරමින් පොලිස්පතිවරයා මේ පිළිබඳව කරුණු පැහැදිළි කර තිබුණි.

එම ලිපිය මගින් පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ මෙම නීතිවිරෝධී ගිනිඅවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකළ යුතු බවය.

ඒ සඳහා සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමටත්, මාසයක කාලයක් සඳහා මුදලේ වටිනාකම වැඩිකිරීමටත් තීරණය කර තිබේ.

හෙට (25) සිට ලබන ජූලි 31 වනදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved